ඉකුත් රජය සමයේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් නව රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා පෞද්ගලික සමාගමකට ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් හේතුවෙන් රජයට රුපියල් කෝටි 400 ක මුදලක් අහිමිවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන කොමිසමක් පත් කිරීමට ප‍්‍රවාහන සේවා විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.
නව රියැදුරු බලපත‍්‍රය මුද්‍රණය කිරීම සඳහා පරිගණක පද්ධතියක් සහ තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, ගිවිසුම් කාලසීමාව තුළ කි‍්‍රයාත්මක කිරීම හා එම තොරතුරු පද්ධතිය දෙපාර්තමේන්තුවට අත්පත් කරගැනීමට අදාළව පෞද්ගලික සමාගමකට කොන්ත‍්‍රාත්තුවක් ලබාදී තිබුණි. ඒ සඳහා දෙපාර්තමේන්තුව ගෙවා ඇති මුදල රුපියල් මිලියන 5,610,749,042 ක් බව හෙළිවී ඇත.
එහෙත් එම සමාගම ගිවිසුම්ගත කාලය තුළ ගිවිසුමට අනුව කටයුතු කිරීමට අපොහොසත් වීම නිසා මෙසේ රජයට කෝටි හාරසීයක පාඩුවක් විඳීමට සිදුව ඇති බවට එම දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සහ ප‍්‍රවාහන සේවා විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා අතර පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.
නව රියැදුරු බලපත‍්‍රය හඳුන්වාදීමේදී රටට කිසිදු ප‍්‍රයෝජනයක් නොමැති ඉලෙක්ට්‍රොනික චිපයක් එයට ඇතුළත් කළ ද එයින් ප‍්‍රයෝජනයට ගැනීමට හැකි උපාංග රථ වාහන පොලිසියට නොමැති බව එම නිලධාරීන් ඇමැතිවරයාට පෙන්වා දී ඇත.
එසේම රු.300 කට ගත හැකි බලපත‍්‍රයට නව ඉලෙක්ට්‍රොනික් චිපයක් ඇතුළත් කිරීම නිසා ජනතාවට රු.1300 මුදලක් ගෙවීමට සිදුවී ඇති බවත් අදාළ සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුම නිසා එම වැඩි මුදල මෝටර් රථ දෙපාර්තමේන්තුව නොව සමාගම මගින් ලබාගෙන ඇති බවත් මෙහිදී හෙළිවී ඇත.
ඒ අනුව දැනට විගණන වාර්තාවලට අනුව 2009 වසරේ සිට 2017 දක්වා කාලය සඳහා එම සමාගමට රු.මිලියන 7467.65 ක්ද ගිවිසුම අවසන්වූ පසු 2016 මාර්තු මස සිට 2017 දෙසැම්බර් 31 දක්වා තවත් රුපියල් මිලියන 1856.65 ක් ගෙවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු නිලධාරීන්ගෙන් කරුණු විමසීමේදී මෙම ගිවිසුම සහ අදාළ ප‍්‍රමාදය නිසා මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවත් පිළිගෙන ඇත.
අදාළ සමාගම සමඟ ඇතිකර ගත් ගිවිසුම නිසා ඇතිවී තිබෙන විශාල මුදල් වංචාව හේතුවෙන් එම සමාගම සම්බන්ධයෙන් විමර්ශනයක් කර එම සමාගම රට තුළ කටයුතු කිරීම අත්හිටුවීමටත් එම සමාගම අසාදු ලේඛනගත කිරීමටත්. ඊට සම්බන්ධ වගකිවයුතු නිලධාරීන් සිටීනම් ඔවුන් සම්බන්ධයෙන් නීත්‍යනුකූල පියවර ගැනීමටත් ඇමැතිවරයා තීරණය කර ඇත.
-Divaina.
Wednesday, December 25, 2019
රජයට කෝටි 400ක් පාඩු කළ ඩ‍්‍රයිවින් ලයිසන් මගඩිය සොයන්න කොමිසමක්
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment