ස්විට්සර්ලන්ත තානාපති ලංකාව තුට්ටුවට දමයි.. පැහැරගෙන සිටින කාන්තාව තම රටට ගුවනින් ගෙන යන බව දන්වයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 4, 2019

ස්විට්සර්ලන්ත තානාපති ලංකාව තුට්ටුවට දමයි.. පැහැරගෙන සිටින කාන්තාව තම රටට ගුවනින් ගෙන යන බව දන්වයි..

පැහැරගැනීමකට ලක් වූයේ යැයි කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සැඟවී සිටින ශ්‍රී ලාංකීය කාන්තාව සිවිට්සරලන්ය බලා ගුවනින් ගෙන යාම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය ඉල්ලා ඇත.

විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

නමුත් එම ඉල්ලීම සඳහා ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ආගමන විගමන නීති වලින් පරිබාහිරව එසේ ගෙන යාමට ඉඩදිය නොහැකි බවයි.

කාන්තාව තමන් පැහැරගැනීමකට ලක් වූයේ යයි වූයේ යැයි අද වනතුරුත් ශ්‍රී ලංකාවේ කිසිම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර නැත.

එසේ වුවද ස්විට්සරලන්ත තානාපතිවරයා විසින් කරන ලද දැනුම්දීම මත පරීක්ෂණ සිදු කළ ද පරීක්‍ෂණවට අත්‍යවශ්‍ය තොතුරුද දැනගැනීම සඳහා එම කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය වී තිබේ.

නමුත් අද වනතුරු ද එම කාන්තාවන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ නැත.

No comments:

Post a Comment

Post Bottom Ad