"සජිත් ලැබුවෙ ලක්ශ 14ක අන්ත පරාජයක්,කරූ ජයසූරිය එජාප නායකත්වයට යෝජනා වුනා."- පා.ම නවීන්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 4, 2019

"සජිත් ලැබුවෙ ලක්ශ 14ක අන්ත පරාජයක්,කරූ ජයසූරිය එජාප නායකත්වයට යෝජනා වුනා."- පා.ම නවීන්.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ලැබූයේ සාමාන්‍ය පරාජයක් නොව අන්ත පරාජයක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි.

මෙම පරාජයට ප්‍රධානම හේතු වූයේ තම පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම බිඳ වැටීම බවද ඔහු සඳහන් කළේය.

ඒ ආකාරයෙන් සිංහල බෞද්ධ ඡන්ද පදනම පිරිහීමට මංගල සමරවීර සහ රංජන් රාමනායක මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශයන් බලපෑ බවද ඔහු පැවසුවේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේ මාධ්‍ය අමතමිනි.

තනතුරු ලබා දුන්නේ නැත්නම් වෙනත් පක්ෂයක් හදන්නේ යැයි එල්ල කරන තර්ජන වලට බිය නොවන බවත් එජාපය බිද නව පක්ෂයක් සෑදීමට කිසිවකුට නොහැකි බව ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායකධූරය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා වී ඇති බවත් කී ඔහු පක්ෂ නායකත්වය සදහා රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය හා සජිත් පේ‍්‍රමදාස මහත්වරුන් යෝජනා වී ඇතැයිද පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad