සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 3, 2019

සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවයි



 සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් විශේෂ සාකච්ඡාවක් සදහා අද (04) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

මෙම සාකච්ඡාව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට ආරම්භ කරන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එහිදී ඉදිරියේදි පැවැත්වෙන මහා මැතිවරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වනු ඇති බව සදහන්.

එමෙන්ම නව මැතිවරණ නීති සම්බන්ධයෙන් හා දැනට පවතින මැතිවරණ නීති රෙගුලාසි කාලීන අවශ්‍යතා මත සංශෝධනය කිරිම සම්බන්ධයෙන් ද  අවධානය යොමු කිරිමට නියමිතයි.

මැතිවරණ අවස්ථාවන්හිදි දේශපාලන පක්ෂ විසින් සිදුකරන ප්‍රචාරක වියදම් සීමා කිරිමට හා ඊට නව නීති රෙගුලාසි පැනවීමේ යෝජනාවන් පිළිබදව ද දේශපාලන පක්ෂ ලේකම්වරුන් මෙහිදි දැනුවත් කිරිමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad