කප්පම් මුදල් එකතු කරමින් සිටි ඌරුජුවාගේ ගෝලයන් හතරදෙනෙකු අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 3, 2019

කප්පම් මුදල් එකතු කරමින් සිටි ඌරුජුවාගේ ගෝලයන් හතරදෙනෙකු අත්අඩංගුවට


දිනෙත් මිලාන් හෙවත් ඌරුජුවාගේ කප්පම් මුදල් එකතු කිරීමේ කටයුතුවල යෙදුණු ගෝලයන් හතරදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන  දිනෙත් මිලාන් හෙවත් ඌරුජුවාගේ ගෝලයන් හතරදෙනා සතුව තිබී හෙරොයින්, කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍යද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර හංවැල්ල, ජල්තර සහ ඇඹුල්ගම ප්‍රදේශවල පසුගිය සෙනසුරාදා සිදුකළ මෙහෙයුමකදීද සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන අංගොඩ ලොක්කා සහ ඌරුජුවාගේ සහයකයින් ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

No comments:

Post a Comment

Post Bottom Ad