පසුගිය රජය විසින් කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සඳහා කුලී පදනම මත ලබාගත් රාජගිරියේ පුද්ගලික ගොඩනැගිල්ල සදහා රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් ගෙවා ඇති බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා සදහන් කරයි.
2016 වසරේ සිට එම ගොඩනැගිල්ලට මසකට රුපියල් ලක්ෂ 241 බැගින් කුලී මුදලක් ගෙවා ඇති බවද ඔහු පැවසීය.
එමෙන්ම එම ගොඩනැගිල්ලේ ගෘහ භාණ්ඩ සඳහා අමතරව තවත් කෝටි ගණනක මුදලක් වැයකර තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙම නාස්තිය අවසන් කරමින් කෘෂිකර්ම අමාත්‍යංශය නැවත වතාවක් බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කර ඇති බවත් ඔහු පැවසීය.
රාජගිරියේ පිහිටි අදාළ ගොඩනැගිල්ල ප්‍රකට සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් එකකි.
-lankacnews
Sunday, December 22, 2019
සබීතාගේ බිල්ඩිමට බිලියනයක් ඉක්මවා කුලියක් ගෙවලා.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment