ඉදිරියේදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් තමන්ගේ නම කතානායකවරයාට දැනුම් දෙනු ඇති බවටද ඔහු විශ්වාසය පල කළේය.
තමන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී කටයුතු කරන බව පැවසූ ලියනගේ මහතා නිවිතිගල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකයා වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසීය.
කෙසේ වෙතත් තමනට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලැබුණද එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමට කිසිදු අදහසක් නොමැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
මෙම මන්ත්‍රී ධුරය තමන්ට හිමිවිය යුතු බව රත්නපුර දිස්ත්‍රික් සන්ධාන ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයා වන සනී රෝහණ කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
වරැණ ලියනගේ මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කරන නිසා සන්ධානයේ මන්ත්‍රී ධුරය තමන්ට හිමි විය යුතු බව ඔහු සදහන් කර ඇත.


No comments:
Post a Comment