ජනාධිපති ඝාතනය කිරිමට සැලසුම් කළ බව කියන සැකකරුවා සම්බන්ධ පරික්ෂණ CID යට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 4, 2019

ජනාධිපති ඝාතනය කිරිමට සැලසුම් කළ බව කියන සැකකරුවා සම්බන්ධ පරික්ෂණ CID යට


ජනපති ඝාතන කිරිමට සැලසුම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු  වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

කටුනායක පොලිසිය විසින් ඊයේ (04) පස්වරුවේ අදාල සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදි ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු ඝාතනය කිරිමට සැලසුම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක පොලිසියේ අපරාධ අංශයට පසුගියදා තොරතුරක් ලැබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ කටුනායක පොලිසියේ නිළධාරින් සීදුව, අමන්දොළුව ප්‍රදේශයේ නේවාසිකාගාරයක නවාතැන්ගෙන සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

එම අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි 26 හැවිරිදි හකීම් මොහම්මුදු රිෆ්ඛාන් නමැති සැකකරු මෙම කුමන්ත්‍රණය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔහු වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පසුගිය මස 28 වන දින නේවාසිකාගාරයේ පැවැති සාදයක් අතරතුර මෙම ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ අනෙක් තරුණයින්ට දැනුවත් කර ඇති බව පොලිසිය සදහන් කළේය.

ඒ අනුව අනෙක් තරුණයින් තිදෙනා ඇප මත නිදහස් කර ඇති අතර සැකකාර තරුණයා ඊයේ දිනයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබාදි තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad