ඡන්දයට ආවොත් රංජන්ට, මංගලට එජාපයෙන් නාම යෝජනා දෙනවා - නවීන් දිසානායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 4, 2019

ඡන්දයට ආවොත් රංජන්ට, මංගලට එජාපයෙන් නාම යෝජනා දෙනවා - නවීන් දිසානායක

න්දෝලනයට තුඩු දුන් එජාප මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර සහ රන්ජන් රාමනායක ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔවුන්ට එක්සත් ජාතික පක්‍ෂයේ නාමයෝජනා ලබා දෙන බව එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක මන්ත්‍රීවරයා පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (05 දා) පැවැති මාධ්‍ය හමුවකදී නවීන් දිසානායක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අදාල මන්ත්‍රීවරුන් දෙදෙනාට එළඹෙන මහ මැතිවරණයේදී තරග කිරීම සඳහා නාමයෝජනා ලබා නොදීමට එජාපය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි නවීන් දිසානායක මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර සිටියා.

එක්සත් ජාතික පක්‍ෂය එළඹෙන මහ මැතිවරණයේදී ජයග‍්‍රහණය කළ හැකි අපේක්‍ෂකයන් ඉදිරිපත් කරන බවත්, මේ වන විට පක්‍ෂයේ වයෝවෘද්ධ කිහිපදෙනෙකු මැතිවරණයට ඉදිරිපත් නොවන බවට සිදුකර තිබෙන ප‍්‍රකාශ විශාල සහනයක් බවත් නවීන් දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මහා සංඝ රත්නයට අපහාස සිදු වන අන්දමින් ප්‍රකාශ කිරීම නිසා රංජන් රාමනායකට සහ මංගල සමරවීරට එජාපයෙන් නාම යෝජනා ලබා නොදෙන ලෙසට එම පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් පිරිසක් පසුගියදා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා තිබුනා.


No comments:

Post a Comment

Post Bottom Ad