කතානායක අපක්‍ෂපාති, ස්වාධීන සළු ලිහයි,චම්පික බේරාදෙන්න කියා බෝධිපූජා තියයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 23, 2019

කතානායක අපක්‍ෂපාති, ස්වාධීන සළු ලිහයි,චම්පික බේරාදෙන්න කියා බෝධිපූජා තියයි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක වෙනුවෙන් පැවැත්වූ බෝධි පූජා වැඩසටහනකට කථානායක කරු ජයසූරිය මහතාද එක්විය.

සිය ධුර කාලයේ දී අත්අඩංගුවට ගත් දේශපාලඥයකු වෙනුවෙන් කතානායකවරයා මෙවන් ක්‍රියාකාරකමකට එක් වූ මුල් අවස්ථාව මෙයයි.

මීට පෙර පැවති ආණ්ඩුව යටතේද විපක්ෂ දේශපාලනඥයින් ගණනාවක් අත්අඩංගුවට පත් වුවද ඒ කිසිදු අවස්ථාවක කතානායකවරයා මේ ආකාරයෙන් ක්‍රියාකාරකම්වල යෙදී නැත.

කතානායක තනතුර සාමාන්‍යයෙන් සැලකෙන්නේ ධුර කාලය තුළ අපක්ෂපාතීව කටයුතු කරන ස්වාධීන තනතුරක් ලෙසයි.

වත්මන් කතානායකවරයාට 2015 වසරේ සිටම එවකට විපක්‍ෂයෙන් චෝදනා එල්ල වූයේ දැඩි පක්‍ෂග‍්‍රාහී පුද්ගලයෙකු බවටයි.
-Lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad