මට කබල් වාහනවල යන්න බෑ.. හොද වාහනයක් ඕනෑ - ඇමති දයාසිරි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 3, 2019

මට කබල් වාහනවල යන්න බෑ.. හොද වාහනයක් ඕනෑ - ඇමති දයාසිරි

මන්ට භාවිතය සඳහා යොදාගත හැකි වාහනයක් නොමැති බව කර්මාන්ත රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෝ වාහනයක් ලබාදෙනු ඇතැයි තමන් සිතන බවද ඒ මහතා පැවසීය.

තම අමාත්‍යංශයේ ඉදිරියෙන් නවීන වාහන කිහිපයක් නවතා තිබුණ ද ඒවා භාවිතයට ගත නොහැකි බවද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියදම් සීමා කිරීමට කටයුතු කරන බවත් ඔහු ගමන් කරන අවස්ථාවේ ධාවනය කරවන්නේ වාහන හතරක් පමණක් බවත් ඇමතිවරයා තව දුරටත් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad