මෛත‍්‍රීගේ පාර්ලිමේන්තු හීනය බොදවෙයි.. අස්වෙන්න කිසිවෙක් කැමති නෑ.. මීලග මැතිවරණයට තරග කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 4, 2019

මෛත‍්‍රීගේ පාර්ලිමේන්තු හීනය බොදවෙයි.. අස්වෙන්න කිසිවෙක් කැමති නෑ.. මීලග මැතිවරණයට තරග කරයි..

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඉදිරි මාස තුනක කාල සීමාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස නොපැමිණෙනු ඇතැයි ශ්‍රීලනිප මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

නමුත් සිරිසේන මහතා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ඇති බවද මහ ලේකම්වරයා පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පක්ෂය ඉදිරියට ගෙන යාම ශක්තියක් බව ද දූෂණයෙන් තොර නායකයෙකු ලෙස සිරිසේන මහතා ඉදිරියටද කටයුතු කර ඇතැයිද මහ ලේකම්වරයා විශ්වාසය පළ කළේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර වාර්තා වූයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තු පිවිසීම සදහා ඉල්ලා අස්වන්නැයි සන්ධාන ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුටම දැනුම් දුන්නද ඔවුන් ඒ සදහා යහපත් ප‍්‍රතිචාර නොදැක්වූ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad