පාස්කු බෝම්බය ගැන මගෙන් ප‍්‍රශ්න කලොත් ආණ්ඩුවට විදවන්න වෙයි - හකීම්ගෙන් අනතුරු ඇගවීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 23, 2019

පාස්කු බෝම්බය ගැන මගෙන් ප‍්‍රශ්න කලොත් ආණ්ඩුවට විදවන්න වෙයි - හකීම්ගෙන් අනතුරු ඇගවීමක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ඕනෑම මොහොතක ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

නමුත් මෙය දේශපාලන දඩයමක් නම් එහි ප්‍රතිවිපාකය ආන්ඩුවට විදීමට සිදුවුණු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

තමනට එල්ල වන චෝදනා සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළ ඔහු තමන් ත්‍රස්තවාදීන් සමග කිසිදු සම්බන්ධයක් නැතැයි ද පැවසීය.

වැරදි ප්‍රචාර කරමින් එකිනෙකාට වැරදි චෝදනා කරමින් ගෙන යන ව්‍යාපාරයන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බවද ඔහු කියා සිටියේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රවුෆ් හකීම් සහ රිෂාද් බදුර්දීන් හිටපු ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලීසිය විසින් අධිකරණ අවසරය ලබාගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad