ගුරුකන්දේ සිද්ධිය ගැන මානව හිමිකම් නිලධාරිට මරණීය තර්ජන - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 5, 2019

ගුරුකන්දේ සිද්ධිය ගැන මානව හිමිකම් නිලධාරිට මරණීය තර්ජන

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියා දිස්ත‍්‍රික් විමර්ශන නිලධාරි රෝහිත ප‍්‍රියදර්ශන මහතාට මරණීය තර්ජන සහිතව ලිපියක් ලැබී ඇති බවට ඒ මහතා ඊයේ (5 දා) වවුනියාව පොලිසියට පැමිණිලි කොට තිබේ. තැපැල් මගින් එවා ඇති එම ලිපියේ සඳහන් කොට ඇත්තේ මුලතිව් ගුරුකන්ද නීරාවි අඩි පිල්ලයාර් කෝවිලේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් විශාල පිරිසක් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ අවස්ථාවේදී ඒ වෙනුවෙන් රෝහිත ප‍්‍රියදර්ශන මහතා කිසිවක් නොකළ බවයි.

පිල්ලයාර් කෝවිලේ අයිතිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන ලෙස මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් පසුව ඒ ගැන සොයා නොබලා ගුරුකන්ද විහාරයේ භික්‍ෂූන් වහන්සේට එහි වැඩ සිටීමට ඉඩ ලබා දුන් බවත් ඒ නිසා ප‍්‍රශ්න රාශියක් සිදුවූ බවත් ලිපිය මගින් දැනුම් දී ඇති අතර එහිදී සාධාරණය ඉටුනොකිරීම නිසා පරෙස්සම් වන ලෙසට රෝහිත පි‍්‍රයදර්ශන මහතාට තර්ජනය කොට ඇත.

රෝහිත පි‍්‍රයදර්ශන මහතා පොලිසියට පවසා ඇත්තේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා වාර්තාවන් අදාළ බලධාරීන් වෙත යොමුකොට ඇති බවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් දේපළ ඉඩම් පැමිණිල්ලක් කිරීම මත අදාළ පාර්ශ්වයකට පවරා දීමට හැකියාවක් මානව හිමිකම් කොමිසමට නොමැති බවද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කොට තිබේ.

දිවයින


No comments:

Post a Comment

Post Bottom Ad