කරු එජාප නායකත්වයට.. සුබ පණිවුඩය අද මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 3, 2019

කරු එජාප නායකත්වයට.. සුබ පණිවුඩය අද මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගෙන්

ක්සත් ජාතික පක්ෂයේ සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කරමින් එහි සභාපතිධූරය වත්මන් කථානායක කරු ජයසූරිය මහතාට ලබා දීමට යෝජනා වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසුවේ මෙම තීන්දුව ගෙන ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේ දී පැවැති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවකදී බවයි.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂය මෙහෙයවීමේ වගකීම ද කරු ජයසූරිය මහතා වෙත පැවරීමට තීන්දු කර තිබේ.

මෙම යෝජනා පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමත කර ගැනීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට සූදානම් වී ඇත.

මේ අතර වාර්තා වන්නේ කථානායක කරු ජයසූරිය මහතාට අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් විසින් විශේෂ කැඳවීමක් සිදුකර ඇති බවයි.

ඒ අනුව අද හෝ හෙට දිනයේ මහනුවරට ගොස් උන්වහන්සේලා මුණ ගැසීමට නියමිතය.

නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් සමු සමුගැනීමෙන් පසු කරු ජයසූරිය මහතා නායකත්වයට පත් වීමට පෙර මෙම හමුව සිදු වනු ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad