සුදු වෑන්වලින් පැහැරගෙන ගොස් ඇතැම් මිනිසුන් ඝාතනය කල බවත්, ඇතැම් මිනිසුන් අතුරුදහන් වූ බවත්, ඒවායින් පැහැරගෙන ගොස් දස වද දී තවමත් ජීවත් වන පිරිස් ද සිටින බවත් ඇය සඳහන් කළාය.
සුදුවෑන් කතන්දරයක් බොරුවක් නොවන බවත් එම කතාව මාධ්‍ය හමුවේ පැවසුවේ යැයි පරීක්ෂණ කළ යුත්තේ කළ පුද්ගලයන්ට නොව අදාළ චෝදනාව ගැන බවද ඇය සඳහන් කළාය.
මෙමගින් ආණ්ඩුව උත්සාහ කරන්නේ සුදු වෑන් චෝදනාව බොරුවක් යයි සමාජයට පෙන්වීමට බව ද ඇය පැවසුවාය.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කරන ලදී.
lankacnews


No comments:
Post a Comment