ජනපති මාසයක් දුන්නත් RMV දවසින් හැදේ ! රියදුරු බලපත් දෙන වේලාව SMS මගින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 27, 2019

ජනපති මාසයක් දුන්නත් RMV දවසින් හැදේ ! රියදුරු බලපත් දෙන වේලාව SMS මගින්

රියදුරු බලපත‍්‍ර ලබා දීමට අවශ්‍ය වන වෛද්‍ සහතාකය රජයේ රෝහල්වල නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී ඇත.

පසුගියදා වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුනු ජනාධිපතිවරයා ජනතාව මුහුණ දෙන ගැටළු සදහා පිලියමක් ලෙස මෙම වැඩපිළිවෙල අරඹා ඇත.

රියදුරු බලපත‍්‍ර ඉල්ලුම් කිරීමෙන් පසු එය ලබා දෙන වේලාව කෙටි පණිවුඩයක් මාර්ගයෙන් දැනුම් දීමටද දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ජනාධිපතිවරයා එදින කියා සිටියේ මාස දෙකක් ඇතුලත අදාල ගැටළු සදහා විසදුම් අවශ්‍ය බවත් ඒ කාලය තුල තමන් නැවත නිරීක්‍ෂණයට එන බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad