Medical report from Switzerland - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 4, 2019

Medical report from Switzerland

පැහැරගැනීමකට ලක් වූයේ යැයි කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික කාන්තාවට වෛද්‍ය වාර්තාවක් ලබා දී ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ රෝග පරීක්‍ෂා කරමින් බව හෙළිවී තිබේ.

එම වෛද්‍ය වාර්තාව ලබා දී ඇති ස්වට්සරලන්තයේ සිටින වෛද්‍යවරයෙකු විසිනි.

ස්විට්සර්ලන්ත තානාපති නිලධාරීන් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත්තේ අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයට ලක්කළ බවත් එසේ කළේ වීඩියෝ ඇමතුමක් මගින් බවත්ය.

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ ඇය විසින් එල්ල කර ඇති චෝදනාව මත අසනීප වී සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ සුදුසුකම් සහිත අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් බවයි.

එමෙන්ම ඇය මෙතෙක් අනන්‍යතාවය හෙළි කර නැති නිසා ඇයට විදේශ ගතවීමට අවසර දිය නොහැකි බව ද සඳහන් කර ඇත.

අදාළ කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති නිසා විශේෂ ගුවන් යානයකින් ස්විට්සරලන්තය බලා ගෙන යෑමට අවසර ඉල්ලූ අවස්ථාවේදී විදේශ අමාත්‍යාංශය මෙම ප්‍රතිචාරය දක්වා තිබේ.

කතාකරන්නවත් නොහැකි, බලාගත් අතේ බලා සිටින කාන්තාවකගෙන් විඩියෝ තාක්‍ෂණයෙන් ලබා දුන් වෛද්‍ය වාර්තාව ගැන අන්තර්ජාලයේ උසුලු විසිලු කරමින් ප‍්‍රතිචාර පලවෙමින් ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad