ජනාධිපතිට සහාය දෙන්න සූදානම්.. ඔහු ප‍්‍රශස්ත නායකයෙක් වන බව පේනවා - TNA - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 4, 2019

ජනාධිපතිට සහාය දෙන්න සූදානම්.. ඔහු ප‍්‍රශස්ත නායකයෙක් වන බව පේනවා - TNA

මෙරට ඇති ජාතික ගැටළුවට විසඳුම් දීමට නියම සුදුස්සා වන්නේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු සිවනේසන් සඳහන් කරයි. ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ යහපත් යැයි පෙනෙන බවත් ජාතික ගැටළුවට විසඳුම් දුනහොත් ඔහු ප්‍රශස්ත නායකයකු බවට පත්වනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මඩකලපුවේ දී පැවති උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්ව ගමන් කිරීමට සූදානම් බව ද පැවසූ ඔහු නමුත් ජනාධිපතිවරයාට යටත් වන බවක් ඉන් හැඟවෙන්නේ නැතැයිද සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad