කොළඹ ස්විස් තානාපති ලාංකික රෝගී කතක් පැහැරගෙන යයි UN වෙත පැමිණිලි කෙරේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 5, 2019

කොළඹ ස්විස් තානාපති ලාංකික රෝගී කතක් පැහැරගෙන යයි UN වෙත පැමිණිලි කෙරේ..

කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලයට විරුද්ධව මහජන යුතුකම් කේන්ද්‍රය විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය පැමිණිල්ලක් ගොනු කරන ලදී.

පැමිණිලිකරුවන් සඳහන් කර සිටින්නේ පැහැරගැනීමට ලක් වූවා යැයි කියන කාන්තාව අසනීප තත්වයෙන් පසුවන බව පැවසුවද ඇයට ප‍්‍රතිකාර ලබා නොදෙමින් බලහත්කාරයෙන් රඳවා ගැනීම මගින් ස්විස් තානාපතිවරයා විසින් වියානා සම්මුතිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

එමෙන්ම ඇය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඉදිරිපත් කර අවශ්‍ය සහයෝගය ලබා දීමට අවශ්‍ය නැඹුරුතාවය සලසා දෙන ලෙසද පැමිණිලිකරුවන් සඳහන් කර ඇත.

මේ චෝදනා මත කොළඹ ස්විස් තානාපතිවරයාට එරෙහිව ජාත්‍යන්තර නීතිය යටතේ කටයුතු කරන ලෙසද පැමිණිලිකරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියහ.

ස්විට්සරලන්තය ශ‍්‍රී ලාංකිකයන්ට වීසා දීම අත්හිටුවයි..

ශ්‍රී ලාංකිකයන් සහ වීසා ලබාදීම ස්විට්සරලන්තය විසින් අත්හිටුවා තිබේ.

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වීසා ලබාදීම සිදු නොකරයි.

තානාපති කාර්යාලයේ සේවිකාවක් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන මතබේදය හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇත.

මෙම තහනම සංචාරක වීසා සඳහාද ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad