රනිල් සමග සාකච්චා අසාර්ථකයි.. සජිත් වෙනම පක්‍ෂයකින් මහ මැතිවරණයට.. ඔහු සමග මන්ත‍්‍රීන් 50ක් එක්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 5, 2020

රනිල් සමග සාකච්චා අසාර්ථකයි.. සජිත් වෙනම පක්‍ෂයකින් මහ මැතිවරණයට.. ඔහු සමග මන්ත‍්‍රීන් 50ක් එක්වෙයි

නිල් වික්‍රමසිංහ මහතා සමග එක්සත් ජාතික පක්ෂය නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡා අසාර්ථක වූ බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂ නායකත්වය නොලැබුණහොත් ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ ඔහුගේ ප්‍රධානත්වයෙන් යුත් නව සංධානයකින් බවද මන්ත්‍රීවරයා පැවසීය.
මෙම නව සන්ධානයට සහාය ලබා දෙන්නේ යයි එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ නායකයන් දැනටමත් එකඟවී ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම තීන්දුව සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් දෙනකු පමණ සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දුන් නොලැබෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී වෙනම තරග කිරීමට ඔවුන් සියළුදෙනා ඒකමතිකව තීරණය කර ඇති බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.


No comments:

Post a Comment

Post Bottom Ad