හකීම්-චම්පික-මනෝ-දිගා එජාපෙන් ඉවත් වෙති.. බදියුදීන් වැට උඩ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 24, 2020

හකීම්-චම්පික-මනෝ-දිගා එජාපෙන් ඉවත් වෙති.. බදියුදීන් වැට උඩ !

ක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක් එම පෙරමුණෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව එජාප හිතවාදී සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත. රවුෆ් හකීම් ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, චම්පික රණවක ප්‍රධානත්වය දරන ජාතික හෙළ උරුමය, මනෝ ගනේෂන් සහ පලනි තිගම්බරම් නායකත්වයෙන් යුතු පක්ෂද මෙසේ එම පෙරමුණෙන් ඉවත් වීමට තීන්දු කර ඇතැයි දැක්වෙයි.

මෙම තීරණය ගැනීමට ඔවුන් කටයුතු කර ඇත්තේ තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම හා එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නො දීමට විරෝධය පළ කරමිනි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මහතාගේ පක්‍ෂයද ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවද වැඩිදුරටත් එම වාර්තාව සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad