තමන් කවුදැයි රනිල් පෙන්වයි.. කෘත්‍යාධිකාරියට අලුත් කණ්ඩායමක් පත් කරයි.. නායක තෝරන්න ඡන්දයක් සූදානම්.. සජිත් පිල ගවු ගාණක් පසුබසී - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 24, 2020

තමන් කවුදැයි රනිල් පෙන්වයි.. කෘත්‍යාධිකාරියට අලුත් කණ්ඩායමක් පත් කරයි.. නායක තෝරන්න ඡන්දයක් සූදානම්.. සජිත් පිල ගවු ගාණක් පසුබසී

දෙසැම්බර් මස 31 වනදායින් නිල කාලය අවසන් වී තිබෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට එන සදුදා දිනය වනවිට නව සාමාජිකයන් පත් කර එදිනම එහි විශේෂ සභා රැස්වීමක් කැඳවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බව වාර්තා වෙයි.
ඒ අනුව නව කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැරණි කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් පත් නොකර ඉවත් කරන බවද පුරප්පාඩු සදහා වික‍්‍රමසිංහ මහතාට හිතවාදී පිරිසක් පත් කරනු ඇතැයිද එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් පසුව අවශ්‍ය වුවහොත් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ඡන්දයක් පැවැත්වීමටද නම් සූදානම් බව එජාප නායකයා විසින් සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad