විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවටගැනීම නවතන්න – ජනපතිගෙන් නියෝගයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 24, 2020

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවටගැනීම නවතන්න – ජනපතිගෙන් නියෝගයක්

මහධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම වහාම නවත්වන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා.

ඒ බව ඇතැයි අද(24) පාර්ලිමේන්තුවේදී හෙලි වුණා.


ජාතික නිදහස් පෙරමුණු නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

යම් හෙයකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ නම් එය මෙරට අධිකරණ ක්ෂේත්‍රයට බරපතළ වියවුලක් ඇති කරන බවද ඇමැතිවරයා සඳහන් කළා.

නීතිපතිවරයා නියෝග කර තිබුනේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිප්ත කරන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad