රට වෙනුවෙන් දිවිපිදූ නීරෝගේ පුතු ධනුෂ්ක අද පියාගේ අඩි පාරේ යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 24, 2020

රට වෙනුවෙන් දිවිපිදූ නීරෝගේ පුතු ධනුෂ්ක අද පියාගේ අඩි පාරේ යයි

නීරෝ දිවි පුදන විට පුතාට වයස 11යි
පියා මෙන් දක්ෂ ස්නයිපර් කරුවෙකු වෙන්නට හීන දකින පුතු ධනුෂ්ක 

එල්.ටී.ටි.ඊ යුද්ධයේදී ස්නයිපර්කරුවකු ලෙසින් විශේෂ බළකායේ සේවය කර ජීවිතය පිදූ ‘නීරෝගේ’ පුතු ද යුධ හමුදාවට එක්ව තිබෙනවා.

නීරෝ හෙවත් රන්ජිත් ප්‍රේමසිරි යුධ බිමේදී අවසන් හුස්ම හෙළුවේ පුදුමාතලන් හිදී එල්.ටී.ටි.ඊ ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින්මයි.

කොටි ත්‍රස්තයන් 217 ස්නයිපර් ප්‍රහාරවලින් මරා දමමින් යුධ හමුදාවේ ඉලක්ක සාර්ථක කළ නීරෝගේ දෙවන පුතු වූ ධනුෂ්ක තම පියාණන් රට වෙනුවෙන් ජීවිතය පූජා කරන විට එකොළොස් වන වියේ පසු වුණා.

දැනට සාලියපුර ගජබා කඳවුරේ සේවය කරන සාමාන්‍ය සෙබළ ධනුෂ්ක නිමේෂ බලාපොරොත්තු වන්නේ තම පියා මෙන්ම දක්ෂ ස්නයිපර් කරුවෙකු වීමටයි.

No comments:

Post a Comment

Post Bottom Ad