චීන ජාතිකයින්ට ගුවන් තොටුපළෙන් වීසා නෑ - ඇතුළුවීම සීමා කෙරේ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 27, 2020

චීන ජාතිකයින්ට ගුවන් තොටුපළෙන් වීසා නෑ - ඇතුළුවීම සීමා කෙරේ.

අද (28) දිනයේ සිට ගුවන් මගීන්ට හැර ඔවුන්ගේ ඥාතීන්ට හෝ හිතවතුන්ට කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඇතුළු වීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබේ.

එසේම චීන ජාතිකයින්ට එම ගුවන් තොටුපළේදී වීසා ලබාදීම ද නැවත දැනුම් දෙන තුරු අත් හිටුවා ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ සාමාන්‍යයෙන් චීන ජාතිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීම මෙතෙක් සිදු කෙරුණ ද පවතින වාතාවරණය හමුවේ එය නවතා දැමූ බවයි.

ඒ අනුව මින් ඉදිරියට චීන ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා චීනයේදීම වීසා අයදුම් කළ යුතු අතර ඔවුන් පැමිණෙන ප්‍රාන්තය ඇතුළු අදාළ කාරණා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පමණක් වීසා නිකුත් කෙරෙනු ඇති බවයි අමාත්‍යවරිය පැවසුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad