මෛත‍්‍රී නැවත පාර්ලිමේන්තු එන්නේ ආණ්ඩුවට අර්බුදයක් ඇති කරන්න ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 27, 2020

මෛත‍්‍රී නැවත පාර්ලිමේන්තු එන්නේ ආණ්ඩුවට අර්බුදයක් ඇති කරන්න ?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත පාර්ලිමේන්තුවට ඒමට උත්සාහ දරන්නේ පවතින ආණ්ඩුවට නැවතත් අර්බුදයක් ඇති කිරීමට විය හැකි යැයි ජනතාව සැක කරන බව රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. 2015 මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව කටයුතු කළ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ජනතාව අද බලන්නේ සැකයෙන් බව ඔහු කියා සිටියේය.
එදා මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ ආකාරයනේ කටයුතු නොකලා නම් රට අද තිබෙන තත්වයට ඇද වැටෙන්නේ නැති බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් ‍ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලකුණ දෙවරක් ම මැතිවරණ වලින් ඉහළ ජයග්‍රහණ ලබාගෙන ඇති නිසා ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටුව ලකුණෙන් තරග වදින බවත් ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad