රන්ජන් අල්ලන බව මට දැන්වූවා... මහජන ගෞරවය රකින අය මැතිසබයට යවන්න - කථානායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 5, 2020

රන්ජන් අල්ලන බව මට දැන්වූවා... මහජන ගෞරවය රකින අය මැතිසබයට යවන්න - කථානායක

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය මගින් තමා දැනුවත් කළ බවත් මේ සම්බන්ධයෙන් කථානායක වශයෙන් මීට වඩා යමක් කිව නොහැකි බවත් කථානායක කරු ජයසූරිය මාධ්‍ය හමුවේ පැවැසීය.

මහනුවර මහ නගර සභාවේ රුපියල් ලක්ෂ 350 ක මුදල් ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ඊ.එල් සේනානායක ළමා පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (5 වැනිදා) එක් වෙමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

මින් ඉදිරියට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ගෞරවනීය ලෙස ජීවත් වෙමින් අන් අයගේද ගෞරවය ආරක්ෂා කරන පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවිය යුතු බවත් එම දේශපාලන සංස්කෘතියට මුල පිරුම 2020 නව පාර්ලිමේන්තුවෙන් හෝ ඇතිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් කරු ජයසූරිය කියයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා මෙසේද පැවැසීය.

මෙයට දශක කිහිපකයට පෙර තිබූ දේශපාලන සංස්කෘතිය පසුකාලීනව සම්පූර්ණයෙන්ම වෙනස් වූ වෛරය,ක්‍රෝධය,ඊර්ෂ්‍යාව,බොරුව,චරිත ඝාතනය පිටුදකින නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව දැන් රටට තදින් දැනෙනවා.

මන්ත්‍රීවරයාගේ නාමයට ඉදිරියෙන් යොදන ගරු නාමය බලෙන් ලබාගන්න බැහැ. එය මහජන නියෝජිතයන් ජනතාව වෙතින් උපයා ගත යුතු දෙයක්. ඩී.එස් සේනානායක වැනි අය එලෙස ජනතා ප්‍රසාදයට පත්වන ලෙස කටයුතු කළ අයයි.

කන්ද උඩරටින් බිහිවූ කෘතහස්ත දේශපාලනඥයෙකු වන ඊ.එල් සේනානායක මහතා ජනතාව වෙනුවෙන් තමන්ගේ ධනය පරිත්‍යාග කළ නායකයෙක්. ඔවුන් වැනි පිරිස් අද දේශපාලන ලෝකයේ විරලය.

එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයකු ලෙස ඊ.එල් සේනානායක මහතා පක්ෂයේ අභිවෘද්ධිය පිණිස කැපවීමෙන් කටයුතු කළ නායකයෙක්. පොහොර සහනාධාරය මෙරටට හඳුන්වාදීමට එතුමා මූලිකත්වය ගෙන කටයුතු කළේ එතුමාත් කථානායක ධුරය හොබවමින් එතුමා ගෞරවනීය පාර්ලිමේන්තුවක් ඇති කිරීමට කැප වුණා.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම්, ලකී ජයවර්ධන ,මයන්ත දිසානායක ,එම්.එච්.එම් හලීම්,මහනුවර පුරපති කේසර සේනානායක, උතුරු මැද හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

කමල් සුරවීර – මහනුවර

No comments:

Post a Comment

Post Bottom Ad