19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය වී ඇත්තේ ජනාධිපතිවරයාගේ විධායක බලය අගමැතිවරයා විසින් කොල්ලකන තත්වයක් බවත් මේ විකෘතිය තවදුරටත් තබාගෙන ඉදිරියට යාමට නොහැකි බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
"අපි හිතනවා අලුත්ම ව්‍යවස්ථාවක් ඇතිවීමයි අවශ්‍යතාවය තියෙන්නෙ. එය නව ව්‍යවස්ථාවක් විය හැකියි, එසේ නොවන්නේ නම් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් වෙන්නත් පුළුවන්.
ජනාධිපති අතට දෙනවා විධායක බලය, හැබැයි පාර්ලිමේන්තුව ඒ විධායක බලයෙන් කොටසක් කොල්ලකනවා. ඒක තමයි පහුගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලින් සිද්ධවෙලා තියෙන්නෙ. පාර්ලිමේන්තුවත් නෙවෙයි ඇත්තටම බැලුවොත් අගමැති !
දැන් මේ විකෘතිය අපි තවදුරටත් තබාගෙන මේ ගමන යන්න බෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Saturday, January 4, 2020
ජනපතිගේ විධායක බලය කොල්ලකන්න අගමැතිට ඉඩදෙන්න බෑ ! - විමල්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment