දප්පුලව කථානායක ඉදිරියට කැඳවන්න අගමැතිගෙත් අනුමැතිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 26, 2020

දප්පුලව කථානායක ඉදිරියට කැඳවන්න අගමැතිගෙත් අනුමැතිය

නීතීපති දප්පුල ද ලිවේරා මහතා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට කළ දැනුම්දීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ඒ මහතා කථානායකවරයා ඉදිරියට කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.


පසුගිය සිකුරාදා (24) සවස පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී මේ තීන්දුව ගෙන ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංනිවේදන අධ්‍යක්ෂවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

නීතිපතිවරයා විසින් සිදුකළ මෙම නියෝගය හේතුවෙන් මහජනතාව අතර අධිකරණය පිළිබඳව විශ්වාසය බිදවැටීමට ඉඩකඩ ඇති බව ද එම සාකච්ඡාවේදී අවධානයට යොමුව තිබේ.

තවද මෙවැනි නියෝග නිසා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වයට ද බලපෑම් එල්ලවන බව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට භාජනය වී ඇත.

නීතිපතිවරයා විසින් ලබාදුන් නියෝග මත සිදුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම් සහ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් වැනි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ලබාදුන් නියෝග ද මෙහිදී ව්‍යවස්ථා සභා සාමාජිකයන්ගේ විශේෂ සැලකිල්ලට ලක්ව ඇතැයි පැවසේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා සවස රැස්ව තිබේ.

ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාළ මහත්මිය සහ සිවිල් සංවිධාන නියෝජිතයන් වන නීතිඥ ජාවුඩ් යූසුෆ් මහතා සහ එන්. සෙල්වකුමාරන් මහතා ආදීහු සහභාගි වූ බව වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad