කඩුව ඇදගෙන රනිල් පසුබසී.. කෘත්‍යාධිකාරිය පත් කිරීම කල් දමයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 26, 2020

කඩුව ඇදගෙන රනිල් පසුබසී.. කෘත්‍යාධිකාරිය පත් කිරීම කල් දමයි !

ක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් පත් කිරීම කල් දමා තිබේ.

ඒ සඳහා නව සාමාජිකයන් අද දිනයේ පත්කරන බවට එජාපයට සමීප මාධ්‍යය විසින් පසුගිය සතිය පුරා වාර්තා කරන ලදී.
කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැුස්වීමට දිනයන් නියම කරගෙන නැති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිල කාලය දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වී ඇති අතර නව සාමාජිකයන් පත් කිරීම නායක රනිල් වික්‍රමසිංහ මහතාට වැඩි බලතල සහිත කමිටුවක් මගින් සිදුකිරීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad