ඇමරිකා ගිවිසුමට විරුද්ද යයි ජනාධිපති හෝ අගමැති කිසිදා කියා නෑ.. කමිටු නිර්දේශ මත නීන්දුවක් ගන්නවා - ෂෙහාන් සේමසිංහ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 3, 2020

ඇමරිකා ගිවිසුමට විරුද්ද යයි ජනාධිපති හෝ අගමැති කිසිදා කියා නෑ.. කමිටු නිර්දේශ මත නීන්දුවක් ගන්නවා - ෂෙහාන් සේමසිංහ

මරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ඉරා දමන බවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කිසිම අවස්ථාවක ප්‍රකාශ කර නැති බව රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
ඔවුන් සදහන් කර ඇත්තේ ගිවිසුමේ ඇති රටට අහිතකර වගන්තිවලට එකගවීමට නොහැකි බව යයිද ඇමතිවරයා කීය.

රටට අහිතකර කිසිම කොන්දේසියක් යටතේ එම ගිවිසුම අත්සන් තැබීම රජය කටයුතු නොකරන බවද ඒ මහතා පැවසුවේය.

ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුවේ නිර්දේශ ලැබීමෙන් පසුව එය අත්සන් කරන්නේ ද කුණු කූඩෙට දමන්නේ ද යන්න ගැන අවසන් තීරණය ගන්නා බවත් ඔහු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad