කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රීරෝද රථ රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹේ.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම පියවර ගැනෙන බවයි.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රී රෝද රථ රියදුරන් සමග පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. ගුවන් තොටුපළ පුළුල් කිරීමත් සමග මෙම ත්‍රීරෝද රථ රියදුරන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම සදහා රැස්වීම කැදවා තිබිණි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධ පැමිණිලි රැසක් තමන්ට ලැබී ඇති බවයි. සංචාරකයන් මුලින්ම මෙරටට පැමිණෙන ස්ථානය වන කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව සිදුවන ඇතැම් ක්‍රියා හේතුවෙන් රට පිළිබදව විදේශිකයන්ට වැරදි හැගීමක් ඇතිවන බවත් එය රටට නරක නාමයක් ඇතිකරන්නක් බවත් ඇමතිවරයා කීවේය. මේ නිසා මෙවැනි සිද්ධීන් වලට එරෙහි ව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
ඒ අනුව ඉදිරියේ දී කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ යෙදෙන ත්‍රීරෝද රථ රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා දීමටත්, වෙනම නිළ ඇදුම් හා දිය හැකි වෙනත් පහසුකම් ද ලබා දීමටත් අපේක්ෂා කරන බව පැවසු ඇමතිවරයා මෙම ත්‍රීරෝද රථ සේවාව හදුනා ගැනීම පහසු වන පරිදි වර්ණ ගැන්වීම කෙරෙහිද අවදානය යොමුව ඇතැයි කිවේය. වෙනත් රටවල ගුවන් තොටුපල ආශ්‍රිතව මෙවැනි සේවාවාන් සදහා ලබා දී ඇති නිර්ණායකයන්ට අනුව මෙම නියාමනය කිරීම සිදුවන බවද රණතුංග මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
– ප්‍රදීප් අනුර කුමාර
Monday, January 27, 2020
කටුනායක ගුවන් තොටේ ත‍්‍රීවිල් මාෆියාව නියාමනය කිරීම අරඹයි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment