බදියුදීන් එක්ක ආණ්ඩුවක් හදන්න වෙන බව නාමල් කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 25, 2020

බදියුදීන් එක්ක ආණ්ඩුවක් හදන්න වෙන බව නාමල් කියයි..

මීලග මැතිවරණයෙන් පැහැදිලි බලයක් නොලැබුණහොත් සිදුවන්නේ වෙනත් පාර්ශ්වයක් එකතු කරගෙන ආණ්ඩු පිහිටුවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එසේ වුවහොත් විල්පත්තුව සුද්ද කළ කළ පුද්ගලයා එක් කරගෙන ආණ්ඩු පිහිටුවීමට සිදුවිය හැකි බවද ඔහු පැවසුවේය.

19 සංශෝධනයෙන් පසු ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

එනිසා එවන් ශක්තිමත් බහුතරයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කිරීමට කැපවිය යුතු බව ද එම මන්ත්‍රීවරයා පැවසීය.

අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad