අගමැති ඉඩමක් බදු දීමෙන් ජනපති අමාරුවේ වැටෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 5, 2020

අගමැති ඉඩමක් බදු දීමෙන් ජනපති අමාරුවේ වැටෙයි !

ගාලු මුවදොර සමීපයේ පිහිටි අක්කර තුනක ඉඩමක් කුමන ආකාරයකින් හෝ සිංගප්පුරු සමාගමකට ලබාදෙනවාද නැද්ද යන්න සෘජු ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් රටේ ජනතාවට ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි.
රටේ සියලු ඉඩම්වල හිමිකම ජනාධිපතිවරයා සතු බවත්, ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිසිදු ලෙසකින් විදේශ රටකට ඉඩම් ලබා නොදෙන බවට පොරොන්දු දී ඇති නිසාත් ජනතාවට සත්‍ය ප්‍රකාශ කළයුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටී.

භාරකාර ආණ්ඩුවක් ගෙන මෙවැනි තීන්දු ගැනීම බරපතළ කාරණයක් බවත් මන්ත්‍රීවරයා කීය.

කෙසේවුවද, අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය විසින් කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගමට ඇ.ඩො. මිලියන 43 කට බදුදීමට යන බවට මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබේ.

එය පහත දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad