බැඳුම්කර වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකරවන ලද වෝහාරික විගණනයේ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා නොදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කථානායක කරූ ජයසූරිය මහතා වෙත දැනුම් දී තිබේ.
2002 වසරේ සිට ශ්‍රී ලංකා මහබැංකුව මඟින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධ තොරතුරු මෙම වාර්තාවෙහි අඩංගු වී ඇති අතර මෙම වාර්තාව සභාගත කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පසුගිය සතියේදී දැඩි ඉල්ලීම් සිදු කරනු ලැබිණි.
කෙසේවෙතත් නීතිපතිවරයා කථානායකවරයා වෙත දැනුම් දී ඇත්තේ දැනට සිදු කෙරෙන සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත නීතිමය ක්‍රියාමාර්ග සඳහා බාධා ඇතිවිය හැකි බැවින් මෙම වාර්තාව මන්ත්‍රීවරුන් වෙත ලබා නොදෙන ලෙසයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ 2015 වසරට පෙර තිබුණු රාජපක්ෂ පාලනය යටතේ රුපියල් බිලියන 6,500ක බැඳුම්කර හොර රහසේ විකුණා දමා ඇති බව මෙම වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිදරව් කර ඇති බවත් ආණ්ඩුව එනිසා එම වාර්තාව යට ගැසීමට කටයුතු කරමින් සිටින බවත්ය.
නීතිපතිගෙ නියෝග පිළිගන්න මන්ත්‍රීවරු බැඳිලා නෑ, විගණන වාර්තා මන්ත්‍රීවරුන්ට දෙන්න - බිමල් රත්නායක
නීතිපතිවරයාගේ උපදෙස් හෝ නියෝග පිළිගැනීමට පාර්ලිමේන්තුව බැඳී නොසිටින බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි. ඒ නිසා කතානායකවරයාගේ උපදෙස් හෝ නියෝග පසෙක ලා බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කතානායකවරයා තීරණය කළ යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
අද (07) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියේය.
බිමල් රත්නායක මහතාට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා සඳහන් කළේ වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය යන මතයේ තමා ද සිටින බවයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීරණයක් ගන්නා බව ද කතානායකවරයා ප්‍රකාශ කළේය.
Tuesday, January 7, 2020
Home
ප්රවෘත්ති
බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන්ට දෙන්න එපා ! - නීතිපති - නීතිපතිගෙ නියෝග පිළිගන්න මන්ත්‍රීවරු බැඳිලා නෑ - බිමල් රත්නායක
බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන්ට දෙන්න එපා ! - නීතිපති - නීතිපතිගෙ නියෝග පිළිගන්න මන්ත්‍රීවරු බැඳිලා නෑ - බිමල් රත්නායක
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment