අල්ලස් පනත යටතේ වරදකරු වී වසර තුනකට සිරදඬුවම් නියම වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර තිබේ.
සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ සිය සේවාදායකයාට එරෙහිව නියම කර තිබෙන සිර දඬුවමට එරෙහිව මහාධිකරණයේ අභියාචනයක් ගොණු කර ඇති හෙයින් එය විභාග කර අවසන් වන තෙක් ඇප ලබා දෙන ලෙසයි.
ඒ අනුව කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් සරණ ගුණවර්ධන මහතාට ඇප නියම කර තිබුණි.
2005 වසරේ මැයි මස පස් වනදා සිට 2007 වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රුපියල් 960000/- ක් වැයකරමින් වාහන තුනක් බදු ක්‍රමය යටතේ ලබා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි සරණ ගුණවර්ධන මහතාට චෝදනා එල්ල වී තිබුණි.
Tuesday, January 7, 2020
අල්ලස් වරදට සිරදඬුවම් නියම වූ සරණට පැය කිහිපයකින් ඇප!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment