පොලීසිය වැරදි මාවතක ගමන් කරනවා - රන්ජන්ව ගත්තාට ආණ්ඩුවෙන් ‌පොලිසියට ‌දොස්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 4, 2020

පොලීසිය වැරදි මාවතක ගමන් කරනවා - රන්ජන්ව ගත්තාට ආණ්ඩුවෙන් ‌පොලිසියට ‌දොස්.

ජනාධිපති සහ රජය නිවැරදි මාවතේ ගමන් කරන නමුත් කණගාටුවට කරුණ නම් පොලීසිය සහ විමර්ශන වැරදි මාවතක ගමන් කිරීමයි යනුවෙන් 

තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කර තිබෙනවා.

එහි දක්වා තිබුණේ, මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හා දූෂණය පිළිබඳ පැහැදිලි සාක්ෂි සහිත පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින අතර පොලීසිය සහ නීතිපතිවරුන් ඒ පසුපස හඹා නොයා යන බවයි.

පොලිස් ක්‍රියාමාර්ගවලට තමන් එකඟ නොවන බවද, රාජ්‍ය අමාත්‍යවරා එහි සඳහන් කර තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad