කොරෝනා වෛරස් පරීක්‍ෂණ කරන්න අපට බෑ.. පහසුකම් ඕනෑ - සෞඛ්‍ය වෘත්තික කමිටුව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 27, 2020

කොරෝනා වෛරස් පරීක්‍ෂණ කරන්න අපට බෑ.. පහසුකම් ඕනෑ - සෞඛ්‍ය වෘත්තික කමිටුව කියයි

කොරෝනා වෛරසය මෙරට තුළ පරික්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් කමිටුව සඳහන් කරයි.

කොරෝනා රෝගීන්ට අදාළ වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව කිසිදු පරීක්ෂණාගාරයක් ලංකාවේ නැති බවද ඔවුන් සඳහන් කරති.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කිසිවකු මෙම රෝගය පරීක්ෂා කිරීමට ගොස් ආසාදිත තත්වයට පත්වුවහොත් එය මැකිය නොහැකි කළු පැල්ලමක් යයිද එම සංගමය කියයි.

එනිසා සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට අනවශ්‍ය බලපෑම් නොකරන ලෙසත් අවශ්‍ය පහසුකම් මුලින් ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad