දිනේෂ්-විමලවිර ආධාකරුවන් පොලිසිය බලා සිටියදී ගුටි කෙලියක.. ගිනි අවි රැගෙන ආ බවටත් චෝදනා - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 27, 2020

දිනේෂ්-විමලවිර ආධාකරුවන් පොලිසිය බලා සිටියදී ගුටි කෙලියක.. ගිනි අවි රැගෙන ආ බවටත් චෝදනා - (video)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ. මෙම ගැටුම ඇති වී තිබෙන්නේ අම්පාර මහඔය ප්‍රදේශයේ දී ය.

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් සංවිධායකයෙකු විසින් සංවිධානය කරන ලද ජන හමුවකට විමලවිර දිසානායක රාජ්‍ය ඇමතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් පැමිණීමත් සමග මෙම ගැටුම්කාරී තත්වය ඇතිවී තිබේ.

මහජන එක්සත් පෙරමුණේ සංවිධායකයන් විසින් චෝදනා කරන්නේ විමලවිර දිසානායක ඇමතිවරයාගේ ආධාරකරුවන් විසින් ගිනි අවිද රැුගෙන ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad