සජිත් හිටපු තැනටම පත් කිරීමට රනිල්ගෙන් තීරණයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 23, 2020

සජිත් හිටපු තැනටම පත් කිරීමට රනිල්ගෙන් තීරණයක් !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යළි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ජනාධිපතිවරණ පරාජයත් සමග සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්විය. සජිත් ප්‍රේ මදාස නියෝජ්‍ය නායකයා කිරීම සහ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සියලු සාමාජිකයන් පත් කිරීම එළඹෙන සඳුදා (27 වැනිදා) වන විට අවසන් කිරීමට ද තීරණය කර ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු උපදේශක මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදු කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳිම සඳහා ඡන්දයක් නොපවත්වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, හිටපු ඇමැතිවරුන් සහ පසුපෙළ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමට අනුව අර්බුදයකින් තොරව එය විසඳා ගැනීමට එක්සත් ජාතික පක්ෂය මේ වන විට ක්‍රමවේදයක් සකසමින් සිටිතැයි හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

අජිත් අලහකෝන්


No comments:

Post a Comment

Post Bottom Ad