රනාලේ සුදුවා STF අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 23, 2020

රනාලේ සුදුවා STF අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන රනාලේ සුදුවා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය රනාල ප්‍රදේශයේ කළ වැටලීමකදීයි.

සැකකරු ඌරුජුවා නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ ඥාතියෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.

රනාල සුදුවා නමැත්තා ප්‍රදේශයේ කර්මාන්තශාලාවලින් හා ඒවායේ දෛනික වැටුපට සේවය කරන පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගෙන ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

පොලීසිය පැවසුවේ , සැකකරුගෙන් ලබා ගත් තොරතුරු අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad