CIDයෙන් රනිල්ගේ නිවසට යයි - ප්‍රශ්න කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 27, 2020

CIDයෙන් රනිල්ගේ නිවසට යයි - ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටඋත්තරයක් ලබාගෙන තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්නගේ උපදෙස් මත පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණය යටතේ වූ කණ්ඩායමක් හිටපු අගමැතිවරයාගේ පෞද්ගලික නිවසට ගොස් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ අගමැතිවරයාගෙන් ලබාගත් ප්‍රකාශය ඉදිරි විමර්ශන කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම රහස් පොලිස් කණ්ඩායම මීට පෙර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ද මේ සම්බන්ධව ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad