වනජීවී නිලධාරිනිය විරුද්ද වුණාට අපි වැඩේ කරනවා.. ඇයට ඕනේ ආසියානු චැම්පියන් වෙන්නයි.. තව පොඩඩෙන් ගුටි කනවා - ඇමති සනත් නිශාන්ත - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 12, 2020

වනජීවී නිලධාරිනිය විරුද්ද වුණාට අපි වැඩේ කරනවා.. ඇයට ඕනේ ආසියානු චැම්පියන් වෙන්නයි.. තව පොඩඩෙන් ගුටි කනවා - ඇමති සනත් නිශාන්ත

නජීවී නිලධාරිනියක් විරුද්ද වූවා යයි කියා මීගමු කළපු සංවර්ධන වැඩපිළිවෙළ නවත්වන්නේ නැති බව ධීවර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

එම නිලධාරිනියගේ අත්සන නොලැබීම හේතුවෙන් මිලියන 700 ව්‍යාපෘතියක් නතර වී ඇතැයිද ඔහු මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වූ සාකච්චාවේදී ඇතිවූ සිදුවීමේදීත් අදාළ නිලධාරිනියට ධීවරයන් විසින් පහර දීමට සූදානම් වූ අතර තමන් සිටි නිසා එය වැලකී ගිය බවද ඔහු පැවසීය.

නිලධාරියෙකු හෝ ඕනෑම පුද්ගලයෙකුට රටේ සංවර්ධනයට බාධා කිරීමේ හැකියාවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

ඇයට අවශ්‍ය වී ඇත්තේ ආසියානු චැම්පියන් වීම සදහා තවත් කඩොලාන පරිසරය වැඩි කිරීම බවත් එයට බාධා වී ඇත්තේ ධීවරයන් බව ඇයගේ අදහස්වලින් පෙනී ගිය බවත් ඔහු කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad