වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබූ ෆාෂිගේ ගෙදර සීසීටීවී දර්ශන මකා දමලා - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 7, 2020

වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබූ ෆාෂිගේ ගෙදර සීසීටීවී දර්ශන මකා දමලා - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි

රු ප‍්‍රසුති සඳහා රෝහල්ගත කළ මවුවරුන් පිරිසකට බලහත්කාරයෙන් හා නීති විරෝධී අන්දමින් වඳ සැත්කම් කළේ යැයි චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සෙයිගු ෂහබ්දීන් මොහොම්මදු ෂාෆි නමැත්තාගේ නිවසේ සී. සී. ටී. වී. යන්ත‍්‍රවල දත්ත මකා දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (07)  කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව අදාල වීඩියෝ දර්ශන මකා දැමූ  ඩී.වී.ආර්. යන්ත‍්‍රය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර එම දත්ත නැවත ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසයි කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා  නියෝග කර තිබෙන්නේ.

පෙර නඩු දිනයේදී මහෙස්ත‍්‍රාත්වරයා විසින් කරන ලද නියෝගයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර ෂාෆි වෛද්‍යවරයාගේ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී යන්ත‍්‍රවල පටිගත කිරීම් ගබඩා වන ඩී.වී.ආර්. යන්ත‍්‍රය අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එහිදී අදාල ඩී.වී.ආර් යන්ත්‍රයේ දත්ත මකා දමා ඇති බව අනාවරණය වුනා.


No comments:

Post a Comment

Post Bottom Ad