අගමැති මහින්ද ඉන්දීය සංචාරයට ප්‍රසන්න රණවීරත් කැඳවාගෙන ගිහින්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 8, 2020

අගමැති මහින්ද ඉන්දීය සංචාරයට ප්‍රසන්න රණවීරත් කැඳවාගෙන ගිහින්..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය පළමු නිල සංචාරය වශයෙන් පිටත්ව ගිය තෙදින ඉන්දීය නිල සංචාරය සඳහා කුප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාව ද සහභාගී කරවාගෙන තිබේ.
ඊයේ (08) දිනයේදී ප්‍රසන්න රණවීර මහතා, මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, රාහුල් ගාන්ධි මහතා වැනි සම්භාවනීය අමුත්තන් ද හමුවී තිබිණි.

ප්‍රසන්න රණවීර යනු 2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළිය සමයේදී පාර්ලිමේන්තු සභාගර්භය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ගැසූ මන්ත්‍රීවරයා ය.

මීට අමතරව මන්ත්‍රීවරුන්ට පහරදීම, පොලිස් නිලධාරීන්ට පහරදීම, කථානායකවරයාගේ අසුනට වතුර වත්කිරීම වැනි ඉතාම පහත් මට්ටමේ ක්‍රියාවන් ගණනාවක් ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාගර්භය තුළ ප්‍රසිද්ධියේම සිදු කරන ආකාරය එම දින ගණනාව තුළ දැකගත හැකිවිය.

වෙනදා මෙන් නොව මෙවර සංචාරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඉතාම සීමිත පිරිසක් තෝරාගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු අතර එවන් අතිශය සීමිත පිරිසට අතරට ප්‍රසන්න රණවීර මහතා එක්වීම අතිශයින්ම විශේෂිතය.

ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ වීරක්‍රියා අන්තර්ජාලය තුළ ඕනෑ තරම් ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි සහිතව ඕනෑම කෙනෙකුට දැකගත හැකි හෙයින් මෙයින් රටට අත්වන "කීර්තිය" පිළිබඳ වෙනම සලකා බැලිය යුතුය.

-lankanewsweb





No comments:

Post a Comment

Post Bottom Ad