ජනතාවට සෞභාග්‍යමත් අවුරුද්දක් දෙන්න ආණ්ඩුවට බැරි නිසා කලින් විසුරුවන්න හදනවා - සජිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 8, 2020

ජනතාවට සෞභාග්‍යමත් අවුරුද්දක් දෙන්න ආණ්ඩුවට බැරි නිසා කලින් විසුරුවන්න හදනවා - සජිත්

ජනතාවට සෞභාග්‍යමත් සිංහල - දෙමළ අලුත් අවුරුදු සමයක් ලබාදීමට නොහැකි බව දන්නා නිසා ආණ්ඩුව කලින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට උත්සාහ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.



"මේ දිස්ත්‍රික්කයෙම ප්‍රබලයෝ ඉල්ලනවා තුනෙන් දෙකක් පාර්ලිමේන්තුවෙ බලය අවශ්‍යයයි කියලා. දැන් තුනෙන් දෙක තිබුණු කාලේ තමයි ඔය එයාර් බස් ගනුදෙනුව ක්‍රියාත්මක කරලා කොමිස් මුදලට පගාවට වංචනික ක්‍රියාදාමයන් තුළ ඩොලර් කෝටිපතියන් බවට පත්වෙලා එදා මගඩිය අද එළිවෙනවා. අපේ රටේ අභ්‍යන්තර පරීක්ෂණයක් හරහා නොවෙයි. පිටරටදී සිදුවුණු අපක්ෂපාතී පරීක්ෂණයක් නිසා.
ඔබතුමන්ලාට මතක ඇති දින 52 නිර්මාණය වුණු හොර ආණ්ඩුව. හොර ආණ්ඩුවෙන් කරපු පළමු පත්වීම තමයි මේ එයාර් බස් ගනුදෙනුවේ චූදිතයා නැවත පත්කිරීම. දැන් තුනෙන් දෙක ඉල්ලන්නෙ තවත් ඩොලර් කොමිස් කාක්කො ටිකක් බිහිකරන්න.

ඔය ගනුදෙනු තුළ රටට අහිමි වුණු මුදලෙන් 44 ලක්ෂයක් පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්නට තිබුණා නේද ? ගර්භණී මවුවරුන්ට පෝෂණ සලාකය දෙන්නට තිබුණා නේද ? රැකියා ලබාදෙන්නට තිබුණා නේද ?

හොඳ සෞභාග්‍ය සම්පන්න අලුත් අවුරුද්දක් බිහිකිරීමේ හැකියාව වර්තමාන රජයට අහිමි වෙලා තියෙනවා. ඒක තමයි මේ අහුමුළුවල ගිහිල්ලා, එක් එක්කෙනත් එක්ක සාකච්ඡා කරන්නෙ වේලාසනින් විසුරුවමුයි කියලා. කාත් එක්කවත් සාකච්ඡා කළාට හරියන්නෙ නෑ, මමයි විපක්ෂ නායක ! අපේ එක්සත් ජාතික පෙරමුණේ අපි කිසිම කෙනෙක් එක්ක ඩීල් දාන්න යන්නෙ නෑ. කරුණාකරලා අහුමුළුවල සාකච්ඡා කරනවා වෙනුවට නියමිත කාලයට විසුරුවන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (08) ගම්පහ, ජාඇල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad