කොරෝනා ගැන ප‍්‍රකාශ නිකුත් කරන්න හමුදාපති කවුද,අද රට පාලනය කරන්නේ හමුදාවද. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 16, 2020

කොරෝනා ගැන ප‍්‍රකාශ නිකුත් කරන්න හමුදාපති කවුද,අද රට පාලනය කරන්නේ හමුදාවද.

කොරෝනා වෛරසය නිසා ඇති වී තිබෙන තත්ත්වයන් ගැන රටට දැනුම් දෙන්නේ හමුදාපතිවරයා විසින් නිසා අද වන විට රට පාලනය කරන්නේ යුදහමුදාව විසින් දැයි ජනතාවට සැකයක් පැන නැගී ඇතැයි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද වන විට ආහාර ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න සහ ගැන ප්‍රකාශ නිකුත් කරන්නේද හමුදාපතිවරයා විසින් යයිද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට විෂයභාර ඇමතිවරුන් සිටින නිසා හමුදාපතිවරයා විසින් ඒවා ප්‍රකාශ කරන්නේ කුමන පදනමින්ද ඔහු ප්‍රශ්න කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad