දිලිත් සහ ඉරාජ් සංචාරක ප්‍රවර්ධනය මුවාවෙන් රටම බිල්ලට දෙයි‍ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 18, 2020

දිලිත් සහ ඉරාජ් සංචාරක ප්‍රවර්ධනය මුවාවෙන් රටම බිල්ලට දෙයි‍



රටේ ජනතාවගේ ජීවිත අනතුරේ හෙලමින් කොරෝනා අර්බුදය හමුවේ වීදේශ සංචාරකයින් ආකර්ශණය කරගැනීමට වර්තමාන රජය ගනුලැබූ අමනෝඥ තීන්දුව පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවති.  පසුගිය 07 වනදා දෙරණ මාධ්‍ය ජාලයේ සහ ට්‍රයිඇඩ් වෙළද ප්‍රචාරණ සමාගමේ සභාපති දිලිත් ජයවීර විසින් සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ වීඩියෝවක් පළකර තිබේ.






මෙම වීඩියෝව නිර්මාණය කිරීමට සහ එය ලොව ප්‍රමුඛ පෙළේ රූපවාහිනි සහ වෙබ් මාධ්‍ය නාලිකාවල ප්‍රචාරය කිරීම සදහා ජනප්‍රිය සංගීතවේදියෙකු වන ඉරාජ් වීරරත්න අධ්‍යක්ෂකධූරය දරන සංචාරක ප්‍රවර්ධන කාර්යංශය විසින් රුපියල් කෝටි ගණනක මුදලක්  දිලිත් ජයවීරගේ ට්‍රයිඇඩ් සමාගමට ගෙවා තිබේ.

 ශ්‍රී ලංකාව කොරෝනා රෝගය සම්පූර්ණයෙන්ම තුරන්කර ඇති බැවින් ලෝකය පුරා සිටින විදේශික ජනතාවට ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි බවත්, කොරෝනා වෛරසයෙන් බේරීම සදහා හොදම ස්ථානය ශ්‍රී ලංකාව බවත් එම වීඩියෝවේ දක්වා තිබේ.  කෝරෝනා රෝගය වැළදී සුවය ලැබූ චීන කාන්තාවගේ දර්ශණද එම වීඩියෝවට ඇතුලත් කර තිබේ.

මෙම වීඩියෝව  ප්‍රචාරය කරවීම හරහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි විදෙස් සංචාරකයින් සිය ගමන්වාර අවලංගු නොකර දිවයිනට පැමිණි අතර එහි ප්‍රතිපලයක් වශයෙන් සංචාරක මඟ පෙන්වන්නෙකු ඇතුලු කණ්ඩායමකට  මේ වනවිට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධනය වී ඇත.

ගෝලීය වශයෙන් මෙම වසංගතය පැතිරෙමින් තිබියදී සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින්ට යම් සහනයක් ලබාදී කෙටි කලකට විදේශ සංචාරකයින්ගේ පැමිණීම අත් හිටුවීමට රජය ක්‍රියා කල යුහු වුවද වර්ථමාන රජය වගකීම් විරහිතව විදෙස් සංචාරකයින් මෙරටට  ගෙන්වා ගැනීමට විශාල ප්‍රචාරක ව්‍යාපෘතියක් සිදුකිරීම ආණ්ඩුවේ පවතින කලමනාකරණයේ දුර්වලතාවය හෙළිවන බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad