නිරෝධායනය මගහැර කටුනායකින් පැන්න විදේශිකයා බේරගන්න හිටපු මුස්ලිම් ඇමැතිගෙන් බලපෑම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 18, 2020

නිරෝධායනය මගහැර කටුනායකින් පැන්න විදේශිකයා බේරගන්න හිටපු මුස්ලිම් ඇමැතිගෙන් බලපෑම්

ටුනායක ගුවන් තොටුපොළේදී නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට සූදානම් කර සිටියදී තම ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි දමා පැනගිය විදේශිකයකු බේරාගැනීමට හිටපු මුස්ලිම් ඇමැතිවරයකු ආගමන විගමන නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි ඊයේ (18 වැනිදා) අනාවරණය විය.
මෙම විදේශිකයා ඇමෙරිකාවේ සිට පැමිණි එංගලන්ත ජාතිකයෙකි. හිටපු ඇමැතිවරයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ අයෙක්. එංගලන්ත ජාතිකයා නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමට ඊයේ (18 වැනිදා) උදෑසන කටුනායකදී සූදානම් වූ පසුව තම ලියකියවිලි දමා ඔහු හොර රහසේ එතැනින් පිටව ගොස් ඇත.

අනතුරුව මෙම විදේශිකයා අදාළ හිටපු ඇමැතිවරයා ලවා තම ලියකියවිලි මුදාගැනීමට කතා කර ඇත. හිටපු ඇමැතිවරයා කතා කළ පසුව තම ලියකියවිලි ගැනීමට යළි ආගමන විගමන කවුන්ටරය වෙත පැමිණි විදේශිකයා ආගමන විගමන නිලධාරීන් රඳවාගෙන ඇත.

එහිදී යළිත් ඔහු මුදාගැනීමට අදාළ හිටපු ඇමැතිවරයා කතා කර තිබුණද විදේශිකයා නිරෝධායනයට යැවීමට කටයුතු කර තිබිණි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා


No comments:

Post a Comment

Post Bottom Ad